Tuesday, July 08, 2025
Follow Us
ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යයි

මධ්‍යම ටෙක්සාස්හි ගංවතුරින් මියගිය පිරිස 100 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ‘කර්’ ප්‍රාන්තයේ 84 දෙනෙකු අතුරුදන් බවත් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක බවත් ය.

කර් ප්‍රාන්තයේ ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරක මියගිය ළමයින් සහ කාර්ය මණ්ඩලය 27 දෙනෙකු බව තහවුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

තවමත් ළමයින් 10 දෙනෙකු සහ උපදේශකවරයෙකු අතුරුදහන් බව වාර්තා වේ.

කාලගුණ අංශ පවසන්නේ තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ අපේක්ෂා කරන බැවින් හදිසි ගංවතුර හටගැනීමේ අවදානමක් ද පවතින පවතින බව ද වාර්තා වෙයි.

ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේද යන්න පිළිබඳව මේ වන විට ගැටලු මතු වී ති‌බේ.