Sunday, July 06, 2025
Follow Us
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති ආපදා හේතුවෙන් මරණ 43ක්
අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර තත්වය හේතුවෙන් මරණයට පත්ව ඇති පිරිස මේ වනවිට 43 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්  ඉන් 15 දෙනෙකු ළමයින් බවත් වාර්තා වෙයි.

ටෙක්සාස් ප්රාන්තයේ “ග්වාඩලූප්” ගංගාවේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙන අතර ගංගාව ආශ්රිත ප්රදේශයේ පැවති ගිම්හාන කඳවුරකට සහභාගි වී සිටි ගැහැනු ළමයින් 27 දෙනෙකු, ගංවතුරට හසුව අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

 
ඔවුන් සෙවීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්රියාත්මකයි. සන්නිවේදන ජාලවලට සිදුව ඇති හානි හේතුවෙන් අතුරුදන් සමස්ත පිරිස පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබාගැනීමේ දුෂ්කරතාවක් මතුව තිබේ.
 
විදෙස් මාධ්ය සඳහන් කරන්නේ ගංවතුරට හසු වූ 850 කට ආසන්න පිරිසක් මේ වනවිට බේරාගෙන ඇති බවයි. ආපදාවන්ට ලක් වූ ප්රදේශ වෙත අතිරේක ආධාර ලබා දීමට ද ධවල මන්දිරය පියවර ගෙන තිබේ.
 
හෙලිකොප්ටර්, ඩ්රෝන යානා සහ බෝට්ටු යොදා ගනිමින් මුදාගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙන අතර ටෙක්සාස් ප්රාන්තයේ පහළොස් දහසකට අධික පිරිසට විදුලිය ඇණහිට ඇති අතර මහාමාර්ග රැසකට හානි සිදු වීමෙන්, ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙයි. ටෙක්සාස් ප්රාන්තයට හදිසි තත්වයක් ප්රකාශයට පත් කිරීමට‍ ද පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.