Friday, June 20, 2025
Follow Us
යුද උණුසුම මධ්‍යයේ චීන – රුසියානු ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා අතර දුරකථන සංවාදයක් ඊයේ (19) පැවැත්විය.

නායක දෙපළ එහිදී මැදපෙරදිග තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන තිබෙයි.

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර ඉතා භයානක බවත් ගැටුම උත්සන්න වීම කිසිදු පාර්ශ්වයකට හිතකර නොවන බැවින් ඉරාන න්‍යෂ්ටික ගැටළුව සාකච්ඡා මගින් විසඳා ගත යුතු බවත් ව්ලැඩිමීර් පුටින් එහිදී අවධාරණය කර තිබෙයි.

ගැටුම්වලට ලක් දෙපාර්ශ්වය අනෙකුත් රටවල පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කළ යුතු වනවා.

මැදපෙරදිග තත්ත්වය පාලනය සඳහා චීනය සමග සමීප සන්නිවේදනයක් පවත්වා ගනිමින් කටයුතු කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කර තිබෙයි.

ෂී ජින් පිං මහතා එම සංවාදයේදී ඊශ්‍රායල-ඉරාන ගැටුම පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

ගැටුම තවදුරටත් උත්සන්න වුවහොත්, ගැටුම්කාරී පාර්ශ්වයන්ට විශාල හානියක් සිදුවනවා පමණක් නොව, කලාපීය රටවල් ද විශාල වශයෙන් පීඩාවට පත් වනු ඇතැයි ෂී ජින් පිං මහතා කියා සිටියේය.

වත්මන් තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ෂි ජින් පිං මහතා එහිදී සිව් වැදෑරුම් යෝජනාවක් ද ඉදිරිපත් කළ බවයි වාර්තා වෙයි.