Saturday, June 14, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

තුර්කි ජනරජයේ තානාපති ගරු Semih Lütfü Turgut මැතිතුමා, ශ්‍රී ලංකාවේ වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ජුනි 13) දින කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවිය.

සිය කාර්යාලයට පැමිණි තුර්කි තානාපතිවරායව වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදී ඔවුන් ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සුහද සාකච්ඡාවක නිරත වූහ.

විශේෂයෙන්ම ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ සමුද්‍රීය ආරක්‍ෂාව වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වන අන්‍යේන්‍ය කැපවීම දෙපාර්ශ්වයේම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අවධාරණය කළහ. දෙරට අතර පවතින දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා තුර්කි රජයේ කැපවීම පිලිබඳ තානාපතිවරයා මෙම අවස්ථාවේ යළි අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා ද සහභාගී විය.