ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රේමි ලැම්බර්ට් (Rémi Lambert ) මහතා සහ ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර විශේෂ හමුවක් ඊයේ (03) බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙහිදී දෙරට අතර බලශක්ති සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
තවද, පිරිසිදු බලශක්ති මූලාශ්‍ර, විශේෂයෙන් සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ හැකියාවන් පිළිබඳවත්, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව ඉහළ නැංවීම පීලිබඳවත්, බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික සහ මූල්‍යමය සහයෝගීතා ව්‍යාපෘති පිළිබඳවත්, පරිසර හිතකාමී බලශක්ති ප්‍රවර්ධනය සඳහා ගතහැකි නව ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, මැරි නොඑල් ඩරිස් (Mrs Marie-Noëlle DURIS) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
මෙම හමුව, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් පිරිසිදු, කාර්යක්ෂම හා ස්ථායි බලශක්ති මූලාශ්‍ර භාවිතය වර්ධනය කිරීමේ අරමුණ ඉටු කර ගැනීමට විශාල සහයක් වනු ඇතැයි අපේක්ෂිතය.