Wednesday, May 14, 2025
Follow Us
පදනම් විරහිත ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සහ ශ්රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා අතර හමුවක් එම අමාත්යාංශයේ දී අද (14) පැවැත්විණි.

පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්රී ලංකා රජයේ දැඩි විරෝධතාවය අමාත්යවරයා විසින් කැනේඩියානු මහකොමසාරිස්වරයාට දැනුම් දෙන ලදී.

එවැනි ක්රියාමාර්ග ශ්රී ලංකාවේ විවිධ ප්රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බව ද අමාත්යවරයා තවදුරටත් මහකොමසාරිස්වරයාට අවධාරණය කළේ ය.