Sunday, February 08, 2026
Follow Us
හෙලිකොප්ටරයක් ​​කඩාවැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මරුට

අමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් ​​කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (10) දහවල් මෙම අනතුර සිදුව ඇත.

මියගිය පුද්ගලයන්ගෙන් නියමුවා හැරෙන්න සෙසු 5 දෙනාම ස්පාඤ්ඤයේ සිට පැමිණි එකම පවුලේ සංචාරකයන් පිරිසක් බව බලධාරීන් පවසයි.

මියගිය අය අතර ළමුන් තිදෙනෙක්ද සිටියි.

අදාළ අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නිව්යෝර්ක් පොලිස් කොමසාරිස්වරිය පවසා ඇත්තේ මියගිය ඥාතීන්ගේ පවුල්වලට දැනුම් දෙන තුරු වින්දිතයින්ගේ අනන්‍යතා හෙළි නොකරන බවයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.