Sunday, February 08, 2026
Follow Us
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (16) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ DESTROYER වර්ගයට අයත් ‘PROVENCE’ නෞකාව, දිගින් මීටර් 142.20 ක් හා නැව් මුළුව 160 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Captain Lionel SIEGFRIED කටයුතු කරනු ලබයි.

එමෙන්ම, ‘PROVENCE’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර‍, නිල සංචාරය අවසානයේ 2025 මාර්තු මස 20 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.