Sunday, February 08, 2026
Follow Us
විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරය අමතයි

ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරය අමතමින්  ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා , මානව හිමිකම්  , සංහිඳියාව සහ ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ගෙනහැර දැක්වීය.

ඒ අනුව අමාත්‍යවරයා සිය දේශනයේදී , මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළ අතර  රටේ ප්‍රගතිය සහ අන්තර්ජාතික ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා 2024 මැතිවරණයෙන් පසු බලයට පත් වූ නව රජයේ උපායමාර්ග ඉස්මතු කළේය.