Sunday, February 08, 2026
Follow Us
ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තෙවන දිනය අදයි (12).

ජනාධිපතිවරයා අද (12) පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිතය.

එහිදී ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානයාක මහතා සිය දේශනය පවත්වනු ඇත. . මෙම දේශනයෙන් තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කිරීම අපේක්ෂා කෙරේ.