Sunday, February 08, 2026
Follow Us
ලොස් ඇන්ජලිස් ලැව්ගින්න පාලනයට වතුර මදි වෙයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබෙන බව වාර්තා වෙයි.

හදිසි ආපදාවකදී භාවිත කිරීමට රැස් කර තිබූ ජලය අවසන් වීම හේතුවෙන් ගින්න නිවීම සඳහා ජල හිඟ ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක් ප්‍රදේශයක පමණක් ලැව්ගින්න පාලනයට ජල ගැලුම් මිලියන 01 ක් මේ වන විටත් භාවිත කර ඇති බවයි ලොස් ඇන්ජලීස් ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි.

අධික ඉල්ලුම මධ්‍යයේ වුවද කඩිනමින් ගින්න නිවීමට අවශ්‍ය ජලය සොයාගත් බවද ඔවුන් පවසා තිබේ.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරීම ලැව්ගින්න ලෙස සැලකෙන මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ලක්ෂ 15කට වැඩි පිරිසකට විදුලිබල පහසුකම් අහිමි වී ඇත.

විනාශ වී ඇති භූමි අක්කර ප්‍රමාණය 26,000කි.

පුද්ගල මරණ 05ක් ද මේ වන විට වාර්තා වී තිබෙන අතර සිය වාසස්ථානවලින් ඉවත් කර ඇති පිරිස ලක්ෂයකට අධිකය.

කෙසේවෙතත් මේ වන විට ගින්න දරුණු ලෙස පැතිර යාම පාලනය කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.