Sunday, February 08, 2026
Follow Us
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.

පසුගිය ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් පිරිනැමීය.

ආර්ථික සහයෝගීතාව, කෘෂිකර්මය හා ඩිජිටල්කරණය ආදී විෂයයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

අනතුරුව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය, භාරතීය ජනතා පක්ෂයේ සභාපති ජගත් ප්‍රකාශ් නද්දා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතරද හමුවක් පැවැත්විණි.