Monday, February 09, 2026
Follow Us
8 වැනි ජාත්‍යන්තර ධර්ම ධම්ම සමුළුව ගුජරාටයේ අහමදාබාද්හි දී

8 වැනි ජාත්‍යන්තර ධර්ම ධම්ම සමුළුව ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුජරාටයේ අහමදාබාද්හි දී පැවැත්විණි.

ආගමික, දේශපාලනික සහ චින්තන නායකයින් එක්රැස් කිරීම අරමුණ කරගනිමින් මෙය පැවැත්වූ අතර ඉන්දීය පදනම, ගුජරාට් විශ්ව විද්‍යාලය, අහමදාබාද් සහයෝගීතාවය එක්ව මෙය සංවිධානය කෙරිණි.

ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආශ්චර්ය දෙව්රාත්, ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපෙන්ද්‍ර පටෙල්, ශ්‍රී රාම් ජන්මභූමි තිර් ක්ෂේත්‍ර භාරයේ භාණ්ඩාගාරික ස්වාමි ශ්‍රී ගෝවින්ද දේව් ගිරි මහරාජ්, ගුජරාට් විශ්වවිද්‍යාලයේ උපකුලපති නීර්ජා ගුප්තා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මීහු, නේපාලය, භූතානය,කාම්බෝජය නියෝජනය කරමින් පැමිණි සංස්කෘතික කටයුතු අමාත්‍යවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.