Monday, February 09, 2026
Follow Us
ස්වභාවික කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළට ජපානයේ සහය

රාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ආරම්භ කරන ලද ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදන ව්‍යාපෘතියට ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියත්මක වන ජයිකා ව්‍යාපෘතියෙන් තාක්ෂණික හා මූල්‍ය සහාය ලබාදීමට එකඟත්වය පළකර ඇත. 

ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළ තව තවත් පුළුල් කිරීමේ අරමුණෙන් ජයිකා ව්‍යාපෘතියේ  ව්‍යවසායක සංවර්ධන උපදේශක සුසුකි මහතා පසුගිය දා (07) මෙම ව්‍යෘපාතිය පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදීය.

මෙම කඩදාසි නිෂ්පාදන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරිමේ අවස්ථාවට අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා ඇතුලු නිලධාරින් කිහිප දෙනෙක්ද සහභාගී වූහ.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ රාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදන ව්‍යාපෘතිය මීට වසර කිහිපයකට පෙර ආරම්භ කර ඇත.