Monday, February 09, 2026
Follow Us
ඒ උණ්ඩය එල්ල කළේ ප්‍රජාතන්ත්‍රවාදයටයි

ඩොනල්ඩ් ට්‍රම්ප් මිචිගන්හි පැවැති ජනහමුවක් අමතමින් පවසා ඇත්තේ පසුගිය සතියේ තමාට වෙඩි තැබීමට තැත් කිරීම ‘ප්‍රජාතන්ත්‍රවාදයට වෙඩි තැබීමක්’ බවය. ඔහු ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි පැවති රැලියේදී ජනාධිපති ජෝ බයිඩ්න් සහ උප ජනාධිපති කමලා හැරිස් ද සමච්චලයට ලක් කළේය.

වෙඩි තැබීමෙන් පසු ට්‍රම්ප්ගේ ජනප්‍රියභාවය වේගයෙන් ඉහළ ගොස් ඇති අතර එක්සත් ජනපද ජනාධිපතිවරණය දැන් කරට කර සටනක් බවට පත්ව තිබේ.

ජනාධිපති බයිඩ්න්, කොවිඩ් වැළඳීමෙන් පසු ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා විරාමයක් ලබා දී තිබේ. ජනාධිපති බයිඩ්න් වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ ට්‍රම්ප් Òඔවුන්ගේ අපේක්ෂකයා කවුදැයි ඔවුන් නොදනිමු, අප ද දන්නේ නැතÓ යනුවෙන් සඳහන් කළේය.

 

Dinamina