Monday, February 09, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ විදේශ කටයුතු රාජ්‍ය ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Zhu Yanwei මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් පැවැත්විණ.

මෙහි දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක් පවත්වා තිබේ. 

අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමුව ඇත.