Monday, February 09, 2026
Follow Us
ඕස්ට්‍රේලියාවට තියුණු ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැති තරගය ලකුණු 36කින් ජය ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය.

 

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ආරාධනයකට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිිත පන්දුවාර විස්ස තුළ කඩුළු 7ක් දැවී ලකුණු 201ක් රැස්කර ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් පන්දු 16කදී ලකුණු 39ක් රැස්කර ගත්තේය.

ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් වේ.

අනතුරුව පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 165ක් පමණී.

එංගලන්ත පිල වෙනුවෙන් ජොශ් බට්ලර් ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම තරගය ලකුණු 36කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.