Monday, February 09, 2026
Follow Us
පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් 670 ක් මරුට

පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

නායයෑම සිදුවූයේ පසුගිය සිකුරාදා දිනයේය. නිවාස රැසක් පස් තට්ටුවලට යටවී ගියේ,ඒවා තුළ සිටි පිරිස් පණ පිටින් වළ දමමිනි.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නොකඩාවි සිදුවන නමුත් ඇද හැලෙන මහ වැසි ඊට බාධාවක් වී ඇත. නායයෑමට හසුවුණු නිවාස ගණන 150 කට වැඩි බවයි වාර්තා වන්නේ.