Saturday, July 27, 2024
Follow Us
පැපුවා නිව් ගිනියාවේ නායයෑමක්

පැපුවා නිව් ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (23) සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බව වාර්තා වේ.

මෙම නායයෑම සිදු වූ Enga නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පවසා ඇත්තේ මෙය මීට පෙර සිදුනොවූ ස්වභාවික ව්‍යවසනයක් බවය.

එමෙන්ම පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape පවසා ඇත්තේ, මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවය.

Aruna