Saturday, July 27, 2024
Follow Us
චීන -රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා

චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් අතර සාකච්ඡාවක් පැවැත්වේ. එය ඊයේ(16) උදෑසන බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

මෙවර සංචාරය පුටින් ජනපති ධුරයේ නව සේවා කාලය ආරම්භ වීමෙන් පසු සිදු කළ ප්‍රථම විදෙස් සංචාරය බවත්, චීනය කෙරෙහි ජනාධිපතිවරයා සහ රුසියානු රජය දක්වන දැඩි සැලකිල්ල මෙයින් පිළිබිඹු වන බවත් ෂී ජින්පිං මහතා එහිදී කියාසිටියේය.

මෙම වසර චීන රුසියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 75වැනි සංවත්සරයයි. පොදු ප්‍රයත්න යටතේ චීන-රුසියානු සම්බන්ධතාව ස්ථාවර අයුරින් වර්ධනය වී තිබේ. දෙරට ආර්ථික, වෙළඳ, ආයෝජන, බලශක්ති, මානව හා සංස්කෘතික යන ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, ජාත්‍යන්තර තලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සඳහා සක්‍රිය මෙහෙවරක් ඉටු කර ඇතැයි ද චීන ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය. පුටින් ජනාධිපතිවරයා සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සඳහා නව සැලසුම් සකස් කිරීමට තමා සූදානම් බව ද ෂී ජින්පිං පැවසීය.

Dinamina