Saturday, July 27, 2024
Follow Us
උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම  කථානායක හමුවෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරින් කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා  පසුගියදා පාර්ලිමේන්තුවේදී හමුවිය.

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කඳවුරක් පැවැත්වීම ඇතුළුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳව ඔවුහු කථානායකවරයා වෙත කෘතඥතාව පළ කළහ.

2024 ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ 27 වැනි සමුළුවට කථානායකවරයා සහභාගි වූ අවස්ථාවේදී උගන්ඩා ජාතික ක්‍රිකට් සංගමය කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව උගන්ඩා ජාතික කණ්ඩායමට මෙම සංචාරය සඳහා පහසුකම් සැලසිණි.