Saturday, July 27, 2024
Follow Us
පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 134කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළුව සාමාජිකයන් 143 කගේ ඡන්දය ලැබුණු අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 9 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ.

එසේම තවත් සාමාජිකයන් 25 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

විපක්ෂව ඡන්දය භාවිත කළ සාමාජිකයන් අතර ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමේ තීරණය ගනු ලබන්නේ ආරක්ෂක කවුන්සිලය නිසාවෙන් පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳව ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් යෝජනාව ඉදිරිපත් වූවේය.

සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුණත් පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවට හඳුනා ගැනීම තුළින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකම් හිමිවන බව ප්‍රකාශ විය.

 

Lankadeepa