Tuesday, December 23, 2025
Follow Us
ඉරාන ජනපති දිවයිනට ළඟා වෙයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි (Dr. Ebrahim Raisi) මහතා ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට ළඟා වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබීය.

ඉරාන ජනාධිපතිවරයාගේ එක් දින නිල සංචාරය අතරතුර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.