Friday, May 03, 2024
Follow Us
පාස්කු ඉරිදා පාප් වහන්සේගේ කළ හෘදයාංගම යාච්ඤාව

පාස්කු ඉරිදාව වෙනුවෙන් ලොව පුරා කිතුනු බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටි අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණි.

පාස්කු ඉරිදා දේව මෙහෙය සදහා 6000ක පමණ පිරිසක් වතිකානයට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ලොව පුරා හටගෙන ඇති යුද ගැටුම් හා ජාතීන් අතර වෛරය අත්හල යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙහිදී අවධාරණය කළේය. පාප් වහන්සේ සාමය සඳහා හෘදයාංගම යාච්ඤාවක් ඉදිරිපත් කළේය.

එහිදී විශේෂයෙන් ගාසා තීරයේ සටන් විරාමයක් සහ රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් සම්බන්ධයෙන් ද දැඩි ආයාචනයක් උන්වහන්සේ ඉදිරිපත් කළහ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුවේ විශේෂයෙන් යුක්රේනයේ සහ ගාසා තීරයේ මිනිසුන්ට සහ යුද්ධයට මුහුණ දෙන සියලු දෙනාට, “සිනහ වීමට අමතක වී ඇති” බවත් ය. උන්වහන්සේ අසරණ දරුවන් ද සිහිපත් කළේය.

විනාඩි 10ක පමණ දේශනාවක් පැවැත්වු උන්වහනසේ ශාන්ත පීතර බැසිලිකාවේ දී වැඩිහිටියන් අට දෙනෙකු බෞතීස්ම කිරීමට ද කටයුතු කළේය.

87වැනි වියේ පසුවන පාප්වහන්සේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සිකුරාදා දේව මෙහෙයට සහභාගී වූයේ නැත. එසේම පසුගිය සති කිහිපය තුළ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාමාන්‍යයෙන් ඔහුගේ හුස්ම ගැනීමේ වෙහෙස වළක්වා ගැනීම සඳහා දිගු දේශන පැවැත්වීමෙන් වැළකී සිටියේය.

Dinamina