Saturday, May 24, 2025
Follow Us
ඇමෙරිකාව අවු. 14ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇත.

ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු 14ට අඩු ළමුන්ට මේ වන විට පවතින සමාජ මාධ්‍ය ගිණුම් මාකා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව ෆ්ලොරිඩා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

-Aruna