Wednesday, April 01, 2026
Follow Us
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බීජිං නුවරට ළඟා වෙයි 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ අද (මාර්තු 25) චීනයේ බීජිං නුවරට පැමිණියේය. විදේශ කටයුතු විධායක උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong)  සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් එහිදී අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.

චීනයේ ප්‍රමුඛතම වාර්ෂික ජාත්‍යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන රජයෙන් කෙරුණු ආරාධනාවක් අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ  (24) සවස චීනයේ බීජිං  නුවර බලා පිටත්ව ගියේය.