Tuesday, February 10, 2026
Follow Us
ලෝක රූ රුජින චෙක් ජනරජයෙන්

චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, රටවල් රැසක තරගකාරිනියන්111ක් අභිබවා යමින්  2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැළඳි බව වාර්තා වෙයි.

මෙවර ලෝක රූ රුජින ජාත්‍යන්තර තරගාවලිය අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වූයේ ඉන්දියාවේ මුම්බායි වෙළෙඳ අගනගරය කේන්ද්‍රකොට ගනිමිනි.

23 හැවිරිදි ක්‍රිස්ට්යානා සිස්කෝවා නිරූපිකාවකි. ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනම උපාධි හදාරමින් සිටී. මීට පෙර චෙක් ජනරජ සුරූපිනියක ලෝක රූ රැජින කිරුළ දිනුවේ 2006 වසරේදීය.

ක්‍රිස්ට්යානා සිස්කෝවා ට කිරුළ පැලදීම සිදු කරනු ලැබුවේ, පසුගිය 2023 ලෝක රූ රුජින කිරැළ දිනා සිටි පෝලන්ත සුරූපිනිය කැරොලිනා බියෙලාව්ස්කා විසිනි.

මෙවර තරගාවලියේ දී දෙවැනි ස්ථානය දිනුවේ, ලෙබනනය නියෝජනය කළ සුරූපිනී යැස්මින් මයිටෝන්ය. තෙවැනි ස්ථානය දිනුවේ, ටි්‍රනිඩෑඩ්  සහ ටොබාගෝ දූපත් රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය ආචේ ඒබ්‍රහෑම්ස්ය.