Wednesday, April 01, 2026
Follow Us
කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති අක්තපත්‍ර භාරදෙයි

කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කෙරුණු  අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න( විශ්‍රාමික) විසින් කියුබානු ජනරජයේ ජනාධීපති Miguel Dias-Canel වෙත අක්තපත්‍ර භාර දීම පසුගියදා (13) කියුබාවේ හවානා නුවර පිහිටි විප්ලවීය මාලිගා පරිශ්‍රෙය්දී සිදු කෙරිණි.

අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ( විශ්‍රාමික) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාපති ලෙස කටයුතු කළ කීරිතිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර ශ්‍රී  ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ( විශ්‍රාමික) පසුගිය 2023 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී නම් කිරීම සිදු කෙරිණි.

ඒ අනුව අද්මිරාල් නිශාන්ත උළුගේකැන්න ( විශ්‍රාමික) විසින් කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කියුබානු ජනරජයේ ජනාධිපති වෙත අක්තපත්‍ර භාරදීම මෙලෙස 2024 පෙබරවාරි මස 13 වන දින හවානා නුවර පිහිටි විප්ලවීය මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරිණි.