Sunday, May 25, 2025
Follow Us
අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්දියාවේ නිරීක්‍ෂණ චාරිකාවක

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජාන ඉංජිනේරු සහ ජෛව තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (International Centre for Genetic Engineering and Biotecnology ) නිරීක්‍ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා එක්විය. 

මෙහිදී මෙරට විශ්වවිද්‍යාල සහ අභිනවයෙන් ස්ථාපනය කෙරෙන අධ්‍යාපන විශ්ව විද්‍යාලයත් ICGEB ආයතනයත් අතර පර්යේෂණ සහයෝගීතාව ඉහල නැංවීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක්  ද  අධ්‍යාපන අමාත්‍යවරයා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රමේෂ් වී සොන්ටි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ පැවැත්විණි .

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ .