Sunday, May 25, 2025
Follow Us
පිලිපීනයේ නාය යෑමක් - 05ක් මරුට

දකුණු පිලිපීනයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නාය යෑමකින් පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

පතල් කම්කරුවන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් මතට සහ නිවාසයක් මතට පස් කඳු කඩා වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

දකුණු පිලිපීනයට අධික වර්ෂාව හේතුවෙන් දැඩි ආපදා තත්ත්වයක් බලපා ඇති අතර, ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් ඇති බවද වැඩිදුරටත් සදහන් වේ.

-Aruna