Wednesday, April 01, 2026
Follow Us
හොලිවුඩ් නළු කාල් වෙදර්ස් ජීවිතක්ෂයට

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1970 දශකයේ මැද භාගයේ රංගන ජීවිතය ආරම්භ කළ කාල් වෙදර්ස් මිය යන විට 76 වැනි වියේ පසු විය

1987 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමඟින් ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ ද රඟපෑ වෙදර්ස්, මෑතක දී කුඩා තිරයේ ‘ස්ටාර් වෝර්ස්’ කතා මාලාවට ද රංඟනයෙන් දායක වී ඇති බව සඳහන් ය.

චිත්‍රපට, රූපවාහිනිය, කලාව සහ ක්‍රීඩා සඳහා ඔහුගේ දායකත්වය තුළින් ඔහු නොමැකෙන සලකුණක් තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.