Wednesday, April 01, 2026
Follow Us
සැමියා හොඳම නළුවා වෙද්දී බිරිය හොඳම නිළිය වෙයි

බොලිවුඩ් සිනමාවේ සම්මාන මංගල්‍යයය වන ‘ෆිල්ම් ෆෙයාර්‘ මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්‍ර වෙද්දී ඔහුගේ බිරිය ආලියා භාත් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තාය. පසුගිය වසරේ බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතමයන් ඇගැයීමට ලක් කෙරෙන වාර්ෂික ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ මෙවර ගුජරාට් ප්‍රාන්තයේදී පෙරේදා රාත්‍රී පැවැත්විණි.

‘ඇනිමල්‘ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානය දිනා ගනු ලැබූ අතර, ආලියා භාත් හොඳම නිළියගේ සම්මානය දිනා ගනු ලැබුවේ ‘රොකී ඕර් රානි කී කහානි‘ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.

මෙවර සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය ලෙස ‘12th Fail‘ තේරී ඇති අතර, හොඳම සහාය නළුවා ලෙස විකී කෞෂාල් සහ හොඳම සහාය නිළිය ලෙස ශබානා ආස්මි සම්මාන දිනා ගත්හ.

-Dinamina