Wednesday, September 10, 2025
Follow Us
ජපානයේ අයිකෝ කුමරියට රතු කුරුස සංවිධානයේ රැකියාවක්

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ එකම දියණිය වන අයිකෝ කුමරිය රතු කුරුස සංවිධානයේ රැකියාවකට එක්වීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇය මේ වන විට එරට ගාකුෂුයිං විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක වන අතර, ලබන අප්‍රේල් මස උපාධිය ලැබීමෙන් පසු එම රැකියාවට එක්වනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ජපාන සිහසුන දරනු ලබන්නේ පිරිමින් පමණක් බැවින් 22 හැවිරිදි අයිකෝ කුමරිය එම ලැයිස්තුවට අයත් නොවන අතර, රැකියාවට අමතරව රජ පවුලේ රාජකාරි කටයුතුවලට ද ඇය පසුව සම්බන්ධ වනු ඇතැයි වාර්තා වන්නේ.