Wednesday, May 28, 2025
Follow Us
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය අද  දිවයිනට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ එකම සොයුරිය වන ඊඩ්න්බර්ග් හි ඈන් කුමරිය අද (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ සහ ඊඩ්න්බර්ග් ආදිපාද පිලිප් කුමරුගේ එකම දියණිය වන ඇය මේ වන විට 73 හැවිරිදි වියෙහි පසු වෙයි.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් මත පැමිණෙන ඈන් කුමරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද හමුවකට ද එක්වීමට නියමිතයි.

අද(10) ඇය කටුනායක Mass ඇඟලුම් කර්මාන්ත ශාලාවට, Save the Children in Sri Lanka ප්‍රධාන කාර්යාලයට සහ රිජ්වේ ආර්යා රෝහලට යාමට නියමිතව තිබේ.

හෙට(11) මහනුවර දළඳා මාළිගාවට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ඈන් කුමරිය යාපනය මහජන පුස්තකාලය, මුහමලෛ බිම්බෝම්බ ඉවත් කිරීම සහ නැවත පදිංචි කිරීමේ ස්ථානය නිරීක්ෂණයට එක්වනු ඇත.

එළඹෙන 12 වනදා ඇය කොළඹ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සොහොන් කොමිසම, කොළඹ වජිර පිල්ලෙයාර් කෝවිල, කොළඹ British Council, කොළඹ නාවිකයින් සඳහා වූ මෙහෙයුම සහ කොළඹ Hatch Works ආයතනය නැරඹීමට එක් වීමට සැලසුම් කර තිබේ.