Tuesday, February 10, 2026
Follow Us
ප්‍රංශයට තරුණ අගමැතිවරයෙක්

ප්‍රංශ ජානාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් අද (09) පත් කරනු ලැබ ඇත.

අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමට ප්‍රථම ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඒ අනුව ප්‍රංශයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් අතාල් වාර්තා අතරට එක්වනු ඇත.ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ට අන්ත දක්ෂිනාංශිකයන්ගෙන් එල්ල වන දේශපාලන පීඩනය හමුවේ ඉතිරි ඇති ධුර කාලය සඳහා නව මුහුණුවරක් දීමට මෙම පත්වීම සිදු කරනු ලැබුවේය.