Wednesday, May 28, 2025
Follow Us
‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ  ( 08) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Waterjet Fast Attack Craft (WJFAC) වර්ගයට අයත් ‘INS KABRA’ නෞකාව, දිගින් මීටර් පනහක් (50) හා නැව් මුළුව පනස් පස් (55) දෙනෙකුගෙන් සමන්විත වේ.

තවද, ‘INS KABRA’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නිල සංචාරය අවසන් කරමින් නෞකාව 2024 ජනවාරි මස 10 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.