Wednesday, September 10, 2025
Follow Us
එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය සහ මුදල් රාජ්‍ය ඇමැති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා සහ පැසිෆික් සහකාර පරිපාලක සහ අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණ.

මෙහි දී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ප්‍රගතිය, බදු පරිපාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම, බදු දැල පුළුල් කිරීම සහ බදු ගෙවීම සඳහා ලියාපදිංචි කිරීමේ සරල ක්‍රියාවලියක් මගින් ජනතාව බදු ගෙවීමට සලස්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.