Friday, May 30, 2025
Follow Us
නව ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්

මෙරට නව ඉන්දියානු මහකොමසාරිස්වරයා ලෙස වැඩ භාරගත් සන්තෝෂ් ජා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (27) විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

දෙරට අතර පවතින සමීප මිතුදම තවත් ශක්තිමත් කරගනිමින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල යෝජිත ව්‍යාපෘතිවල ඉදිරි පියවර වේගවත් කිරීම පිළිබඳ මෙම හමුවේ දී සාකච්ඡාවට ලක් විය.

පසුගිය කාලයේ ඇතිවූ බලශක්ති අර්බුදය තුල ඉන්දියානු රජය සහ හිටපු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා දැක්වූ සහාය පිළිබඳව අමාත්‍යවරයා කෘතවේදීව සිහිපත් කරනු ලැබීය.