Monday, June 02, 2025
Follow Us
නික්ම යන පාකිස්ථාන මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) මහතා ඊටේ (13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්වරයා කලාපීය රටවල් දෙක අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කිරීමට පාකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් ඉටු කරන ලද සේවය වෙනුවෙන් සිය ප්‍රසාදය පළ කළේය.

සංස්කෘතිය, අලංකාරය සහ තේජස මෙන්ම මෙරට ජනතාවගේ ආගන්තුක සත්කාරය ද මේජර් ජෙනරල් ෆාරුක් මෙම හමුවේ දී බෙහෙවින් අගය කළේය. 

කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා දෙරටේ හවුල්කාරී කැපවීම ද ඔහු අවධාරණය කළේය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් නික්ම යන පාකිස්‌තාන මහ කොමසාරිස්‌වරයාගේ සේවය ඇගයීම වස් සමරු තිළිණයක්ද‌ පිරිනැමීය. 

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.