Friday, April 18, 2025
Follow Us
ලෝක සාම සම්මේලනයේ නියෝජිතයෝ, අගමැති හමුවෙති

ලෝක සාම සම්මේලනයේ(Universal Peace Federation) නියෝජිතයෝ පිරිසක්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ(06) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ. 

මීට ලෝක සාම සම්මේලනයේ(ආසියා පැසිෆික්) සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අංගජන් රාමනාදන්, දුෂ්‍යන්ත මිත්‍රපාල ලෝක සාම සමුළුවේ අන්තර්ජාතික සභාපති දකුණු කොරියාවේ ආචාර්ය Charles S Yang, අන්තර්ජාතික පාර්ලිමේන්තු සභිකයන්ගේ සාම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සභාපති නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Ek Nath Dhakal, අන්තර්ජාතික පාර්ලිමේන්තු සභිකයන්ගේ සාම සංවිධානයේ සමසභාපති ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ හිටපු සාමාජික Dan Burton, ලෝක සාම සමුළුවේ ශ්‍රී ලංකා මහ ලේකම් වෛද්‍ය චූලා සේනාරත්න මහත්වරු එක්වූහ.