Saturday, July 27, 2024
Follow Us
ජනපති සහ ග්‍රීසියේ අගමැති හමු වෙයි

ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිර්යාකොස් මිට්සොටාකිස් (Kyriakos Mitsotakis)  මහතා අතර හමුවක් ඊයේ (01) සිදු විය.

දෙරට අතර සමීප සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර නුදුරේදීම  ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපතිවරයා විසින් ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කළේය.