Saturday, July 27, 2024
Follow Us
gmail ගිණුම් හෙට මැකෙයි

මිලියන ගණනක් පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් මකා දැමීම හෙට (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම පවසයි.

පසුගිය වසර දෙක තුළ භාවිතා නොකරන ලද ගිණුම් මෙසේ මැකීයන බව සඳහන් වෙයි.

ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයින්ට අහිමිවනවා.

ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයින්ට ඔවුන්ගේ ‘Gmail ගිණුම මකා දැමීමට සැලසුම් කර ඇති බවට’ දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිතයි.

මේ හරහා නැවත ගිණුම් සක්‍රිය කර ගැනීමට කාලයක් ලබාදෙන බව ද වාර්තා

වංචාකරුවන්ගෙන් පරිශීලකයින්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා හඳුන්වාදුන් නව ප්‍රතිපත්ති රාමුවට අනුව මෙසේ ගිණුම් මකා දමන බව සඳහන් වෙයි