Wednesday, June 25, 2025
Follow Us
ධ්‍යාපන ඇමැති සුසිල් යුනෙස්කෝ විධායක මණ්ඩලයට

යුනෙස්කෝ හෙවත් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඡන්ද 144ක් ලබා ගනිමින් තේරී පත් වී තිබේ.

ඒ අනුව 2024 සිට 2027 දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වී ඇත. සාමාජිකයන් 58 දෙනකුගෙන් යුත් මෙම ආයතනය සඳහා ඡන්ද විමසීම පැරීසියේදී පෙරේදා (15) පැවැති 42 වැනි යුනෙස්කෝ මහා සම්මේලනයේදී සිදු කෙරිණි. ඡන්ද හිමි රටවල් 188න් 144 ක එනම් සියයට 76 ක ඡන්ද ප්‍රතිශතයක් මෙහිදී ඇමැතිවරයාට හිමිවිය. ආසියා පැසිෆික් කලාපයේ අපේක්ෂකයන් නවදෙනෙකුගෙන් හයදෙනෙක් මෙහිදී විධායක මණ්ඩලයට තේරී පත් වූහ.

ශ්‍රී ලංකාව සමඟ මෙසේ තේරී පත් වුණේ පාකිස්ථානය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කොරියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල්ය.