Wednesday, June 25, 2025
Follow Us
ලෝක සංචාරක වෙළඳපොළ - 2023

ලන්ඩනයේ පැවැත්වෙන 2023 ලෝක සංචාරක වෙළඳපොළ ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සහ රට්ලන්ඩ් ආදිපාද එමා මැනර්ස්, මහ කොමසාරිස් සරෝජා සිරිසේන, කර්මාන්ත ක්ෂේත්‍රෙය් ප්‍රවීණයෙකු වන චන්ද්‍රා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් විවෘත විය. 

දේශීය සමාගම්, හෝටල්, සංචාරක ක්‍රියාකරුවන් 75කට අධික සංඛ්‍යාවක් මෙවර ලෝක සංචාරක වෙළඳපොළට සහභාගීව සිටින අතර එය මෙතෙක් වන වැඩිම සහභාගීත්වයයි.

ඊයේ (06) ආරම්භ වූ ලෝක සංචාරක වෙළඳපොළ හෙටින් (08) අවසන් වීමට නියමිතය.