Thursday, June 26, 2025
Follow Us
නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයින්ට හානියක් නෑ

නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

නේපාලයේ ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු පමණ ජීවත් වන අතර ඔවුන් කත්මන්ඩු නුවර සහ පොක්කාරා යන ප්‍රදේශයේ රැඳී සිටින බව තානාපති කාර්යාලය සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වනවිට භූ කම්පනය සිදුවු නේපාලයේ බටහිර ප්‍රදේශයේ හෝ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බවට එරට බලධාරීන් තහවුරු කළ බව ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය පැවසීය.

බටහිර නේපාලයේ සිදුවු එම භූ කම්පනයෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති අතර තවත් 160කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

ඊයේ (03) රාත්‍රී 11.47ට පමණ සිදුවු භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයක් ලෙස සටහන්වී තිබුණි.

පළමු භූ කම්පනයෙන් පසුව පැයක් ඇතුළත තවත් පසු කම්පන 03ක් වාර්තා වී ඇති බවද විදෙස් වාර්තා පැවසීය.

Aruna