Thursday, June 26, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා උත්පාදනය සඳහා වැඩසටහන්

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා උත්පාදනය සඳහා වැඩසටහන් සකස් කිරීම, රැකියා සහයෝගීතාව ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස පිළිබඳ සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම

සහ වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන රාමුව (TIPF) හරහා දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ අඛණ්ඩ සහාය ලබා දෙන බව කොරියානු ජනාධිපති යූන් සුක් යෙඔල් (Yoon Suk Yeol) මහතා විසින් ලිපියක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.