Friday, July 11, 2025
Follow Us
දකුණු කොරියාවේ නියෝජ්‍ය ඇමැති සහ මුදල් රාජ්‍ය ඇමැති සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව, දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ මහතා සමඟ සාකච්ජාවකට ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක් විය.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා පිළිබඳව මෙහි දී සාකච්ඡා කර ඇති අතර කොරියාවේ ඇති වු ආර්ථික අර්බුදයෙන් ප්‍රකෘතිමත් වීම සහ වර්ධනය සඳහා උගත් පාඩම් සම්බන්ධව සාකච්ජා කර එම අත්දැකීම ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පිළිගත් ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් බව සඳහන් කර තිබේ. 

දකුණු කොරියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය සහ සහයෝගීතාව ලබා දෙන බවට සහතික වීම ද මෙම හමුවේ සුවිශේෂීත්වයකි.