Friday, September 12, 2025
Follow Us
මැලේෂියානු ජාතික දිනය  සැමරේ

මැලේෂියානු ජාතික දිනය මෙවර 66 වන වතාවටත් අති උත්කර්ෂවත් අන්දමින් මැලේෂියානු ජනතාව විසින් සමරනු ලබන අතර ඊට සමගාමීව ශ්‍රි ලංකාවේ මැලේෂියානු මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මැලේෂියානු ජාතික දින සැමරුම අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) කොළඹ දී පැවැත්විණ.

වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන අමාත්‍යවරුන්, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා, මැලේෂියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.