Friday, September 12, 2025
Follow Us
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.

ඉන්දියාවේ බැංගලෝර් සිට SpiceJet විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක වෙත පැමිණ තිබේ.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ පැමිණීමත් සමග දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ බව අප වාර්තාකරු පැවසීය.

ඔවුන් අද පස්වරුවේ නුවර බලා ගමන්කිරීමට නියමිතව ඇත.

ඉන්දීය කණ්ඩායම සහභාගී වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 02 වනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

-Aruna