Friday, September 12, 2025
Follow Us
ඉන්දීය ආරක්‍ෂක විද්‍යායතන නියෝජිත පිරිසක් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි

රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් අද (28) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවිය.


දිවයිනට පැමිණි ජ්‍යෙෂ්ඨ විදේශ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිස රාජ්‍ය අමාත්‍යවරයා විසින් උණුසුම් ලෙස පිළිගෙන ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය.
මෙම පිරිස නියෝජනය කරමින් බ්‍රිගේඩියර් රාජත් කුමාර් සහ කර්නල් උෂාකොව් ආර් ලියොනිඩොවිච් ද මෙම හමුවට එක් විය.
මෙම හමුවෙන් අනතුරුව අමාත්‍ය තෙන්නකෝන් මහතා පැමිණි දූත පිරිසට ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබ පැතුම් පිරිනැමීය.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ද මෙම අවස්ථාවට එක්විය.